


අවුරුදු නිවාඩුවට අපි ගියා කොත්මලේ. එහෙ හමොම කිව්වා ඩෑම් එකෙ වතුර හිදිල පන්සලක් මතුවෙලා කියලා.
ඉතින් අපිත් ගියා බලන්න. ඇත්තටම හරිම ලස්සනයි. 1978 ගාමිණි දිසනායක මහත්තයා තමයි මේ ඩෑම් එක හදල තියෙන්නේ. ඒ දවස්වල එහෙ හිටපු මිනිස්සුන්ට වෙනම ඉඩම් අරන් දීලා තමයි මෙ ඩෑම් එකට වතුර පුරවලා තියෙන්නේ. ඉතින් ඒ දවස්වල එහෙ තිබිලා තියෙනවා පන්සල්. මේ දවස් වල ඩෑම් එකේ වතුර ගොඩක් හිදිලා. අර තිබුනු පන්සල් ආයෙමත් මතුවෙලා. පුදුමෙ කියන්නෙ බුදු පිළිමෙ, මකර තොරණ තාමත් ලස්සනට තියෙනවා. මේ තියෙන්නෙ ඒකෙ මම ගත්ත පින්තූර.
ඔයාලටත් එහෙ යන්න පුලුවන්. නුවර එළිය පැත්තෙන් හරි නුවරට ගිහින් ගම්පල පැත්තෙන් හරි යන්න පුලුවන්. හැබයි තව කී දවසක් මෙක තියේද කියන්න බෑ. මොකද වතුර පිරුනු ගමන් මේ පන්සල අයෙත් වතුරට යටවෙයි. එ නිසා යනවනම් මෙ දවස්වලම යන්න. ඒක ඔයලගෙ ජීවිතේට ලස්සන අත්දැකීමක් වේවි.
පුංචි වැහිදිය බිදක් වී මම
නුඹ කොපුල් මත වැටෙන්නම්
සඳ සිසිල ගෙන නුඹේ ලොකෙට
සඳළියම වී හිදින්නම්
පූංචි සුසුමක්ව වී දයාබර
නුඹෙ සුසුමට එකතු වෙන්නම්
නුඹ හිත් උයනේ පිපුනු
රොස කැකුලිය මමම වෙන්නම්
-නිකිනි-